ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කෙදෙව් පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කෙදෙව් පළමු එක්දින තරගය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව, පළමු තරගය අද පස්වරු 2.30ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දිවා – රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

දෙරට අතර තරග 03කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

COMMENTS