බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බස්සයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බස්සයි

ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.

එහිදී එම යානයේ ගමන්කළ මගීන් ඉන් ඉවත් කර විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණ ඇති එම යානයේ මගීන් 104 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනකු සිට ඇති බව වාර්තා වෙයි.

මේ අතර, විස්තාරා ගුවන් සමාගමට අයත් ලන්ඩන් බලා පියාසර කළ යානයක් ද ඊයේ (18) රාත්‍රියේ බෝම්බ බියක් හේතුවෙන්, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS