මිලියන 250ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට

මිලියන 250ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 250ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර සිට ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණි මෙම ගුවන් මගියා රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගය ඔස්සේ පැමිණීමට තැත්කිරිමේ දී රේගු භාරයට ගෙන ඇත.

එහිදී සැකකරු සන්තකයේ තිබී තේකොල අඩංගු පැකට් වල සුක්ෂම ලෙස සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 193 ක තොගයක් සොයාගැනීමට හැකිව තිබේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 250ක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

35 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.