ඉන්ධන බවුසරයක් පිපිරී පුද්ගලයින් 94 ක් ජීවිතක්ෂයට

ඉන්ධන බවුසරයක් පිපිරී පුද්ගලයින් 94 ක් ජීවිතක්ෂයට

උතුරු නයිජීරියාවේ, මාජියා නගරයේ දී ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 94 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, පිපිරීමෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරය පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් කාණුවකට පෙරළී තිබුණි.

එහිදී බවුසරයෙන් ඉවතට ගලා යන ඉන්ධන එකතුකර ගැනීම සඳහා විශාල පිරිසක් එක් රැස්වී සිට ඇති අතර එහිදී එක්වරම එම බවුසරය පුපුරාගොස් තිබුණි.

අනතුරින් මරණයට පත්වූ ගණන තවත් වැඩිවිය හැකි බව එරට සෞඛ්‍ය අංශ පවසයි.