අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට අධිකරණයෙන් දුන් තීන්දුව

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට අධිකරණයෙන් දුන් තීන්දුව

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් අභියාචනානාධිකරණය විසින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත අතුරු නියෝගයන් නිකුත් කර තිබේ.

තම ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින්, පෞද්ගලික සමාගමක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.