වසර 9කට පසු ඉන්දීය අමාත්‍යවරයෙකු පාකිස්තානයේ සංචාරයක

වසර 9කට පසු ඉන්දීය අමාත්‍යවරයෙකු පාකිස්තානයේ සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස් ජයිෂන්කර්, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙන් පාකිස්ථානයට ගොස් තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ (15) දිනයේ පාකිස්ථානයට ළඟා වී ඇති අතර, ඉන්දීය අමාත්‍යවරයෙකු පාකිස්ථානයට මෙසේ පැමිණ ඇත්තේ වසර 9කට පසුවීම විශේෂත්වයක්.

චීනයේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුව ඊයේ (15) සහ අද (16) දෙදින ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්විණි.

මෙවර සමුළුවේ සත්කාරකරු වන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ය.

කෙසේ වෙතත්, පාකිස්ථානය බලා පිටත්වීමට පෙර ඉන්දියාවේ නව දිල්ලි හිදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ, තමන් සමුළුවට සහභාගී වීම සඳහා පමණක් පකිස්ථානයට යන බවත්, එහිදී කිසිදු ද්වි පාර්ශවික සාකච්ඡාවක් නොපැවැත්වෙන බවත්ය.

සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණු අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ඊට සහභාගී වී තිබේ.

එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, අතට අත දී, ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගත් අතර, දෙදෙනා අතරේ තත්පර 20 ක සුහද වචන කීපයක් හුවමාරු විය.