මහ මැතිවරණ ඡන්ද අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම අද

මහ මැතිවරණ ඡන්ද අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම අද

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් මගින් එම මනාප අංක නිකුත් කරන බවයි, මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ.

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,352ක් තරග වදිනු ලබන අතර ඉන් වැඩිම පිරිසක් තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව, 966කි.