බැඳුම්කර වංචාවට මහ බැංකු නිලධාරීන් කිහිපයකගේ වැඩ තහනම්

බැඳුම්කර වංචාවට මහ බැංකු නිලධාරීන් කිහිපයකගේ වැඩ තහනම්

බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ නිසා ඒ ගැන තමා සඳහන් කිරීම සුදුසු නොවන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණ ගැන මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව මහ බැංකු බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ලවී ඇති මහ බැංකු නිලධාරීන් පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.