බඹර ප්‍රහාරයකින් සිසුන් 39ක් රෝහලට

බඹර ප්‍රහාරයකින් සිසුන් 39ක් රෝහලට

බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහතා පවසයි.

රෝහල්ගත කළ දරුවන් කිසිවෙකුත් අසාධ්‍ය තත්වයේ නොවන බවද වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය. වයස අවුරුදු 12 ට අඩු දරුවන් පිරිසක් මෙසේ ප්‍රහාරයට ලක්ව තිබේ.

පාසල් පරිශ්‍රයේ විශාල ගසක් මුදුනේ මෙම බඹර කූඩුව සාදා තිබූ අතර විදුහල්පතිවරයා විසින් මීට ප්‍රථම ඒ බව නිකවැරටිය වනජීවී කාරයාලයට දන්වා තිබූ බව පැවසේ.

කෙසේ වෙතත් බොහෝ උසකින් මෙම බඹර කූඩුව පිහිටා තිබූ බැවින් එය කඩා ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සතු සම්පත් ප්‍රමාණවත් නොවන හෙයින් ඒ සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් විදුහල් බලධාරීන් දැනුවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණ.