කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබෙයි

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබෙයි

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (15) දිනයේත් වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි, අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයිනේ සෙසු පාසල් වලටද නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම එම නිවේදනයේ සඳහන් වන්නේ, වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සමග සාකච්ඡා කර ඇති බවය.

COMMENTS