පැවති ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය දැනුම් දෙයි

පැවති ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය දැනුම් දෙයි

පසුගිය දා පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය.

එසේම පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියළුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කළ බවයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු මේ බව පවසා සිටියේ, විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා, විශේෂඥ කමිටු මණ්ඩලය සහ තවත් පාර්ශ්ව සමග විභාග දෙපාර්තමේන්තුවේදී පැවති අවසන් සාකච්ඡාවේදී අදාළ තීරණය ගෙන තිබේ.

එසේම, අදාළ ලකුණු පිරිනැමීමේ ක්‍රියාවලිය සහ ඇගයීම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.