පිපිරීමකින් තුවාල ලැබූ තරුණයෙකු රෝහල් ගත කෙරේ

පිපිරීමකින් තුවාල ලැබූ තරුණයෙකු රෝහල් ගත කෙරේ

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමකින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කොඩිකාමම් පොලීසිය පවසයි.

කොඩිකාමම් පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම තරුණයා කුඹුරු වැඩ කරමින් සිටියදී එහි වල දමා තිබු බෝම්බයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට සැක කෙරේ.

පිපිරිම සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබයි.

COMMENTS