ගනේමුල්ල සංජීව හා වෙලේ සුදාගේ සිර කුටි පිටුපසින් දුරකථන සහ දුරකථන කොටස් හමුවෙයි

ගනේමුල්ල සංජීව හා වෙලේ සුදාගේ සිර කුටි පිටුපසින් දුරකථන සහ දුරකථන කොටස් හමුවෙයි

සංවිධානාත්මක අපරාධ කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන ගනේමුල්ල සංජීව හා වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත බුස්ස බන්ධනාගාර කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එල්.සි. උභයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හදිසි සෝදීසි කිරිම සිදු කර තිබෙනවා.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් ජංගම දුරකථනක්, G.W. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී සුදුපැහැති හෑන්ඩ් ප්‍රී 01ක් හා අනෙක් සිරමැදිරිය පිටුපස සඟවා තිබූ Type C කේබල් 01 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.