බස් හා දුම්රිය මගින්ගේ දුරකතන සහ ලැප්ටොප් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

බස් හා දුම්රිය මගින්ගේ දුරකතන සහ ලැප්ටොප් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

බස් හා දුම්රිය මගින්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සිට අලුත්ගම සහ කළුතර මෙන්ම පානදුර සිට රත්නපුර දක්වා ගමන්ගන්නා මගීන්ගේ ලැප්ටොප් හා ජංගම දුරකතන සොරකම් කිරීම සැකකරු සිදුකර තිබෙනවා.

එමෙන්ම මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකනත සහ ලැප්ටොප් සොරකම් කිරීම ද සැකකරු සිදුකර ඇති බවයි පොලිස් පරික්ෂණවලදී හෙළිවුණේ.

කළුතර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවු තොරතුරු මත සොරකම් කරන ලද ලැප්ටොප් 7 ක් සහ ජංගම දුරකතන 05ක් සොයා ගැනුණා.

සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවෙකු බවයි පොලිසිය පවසන්නේ.