මාමණ්ඩියගේ මෝල් ගස් පහරින් කෝටිපති බෑණා මරුට

මාමණ්ඩියගේ මෝල් ගස් පහරින් කෝටිපති බෑණා මරුට

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමණ්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් මාමණ්ඩිය සිදුකළ පහරදීමකින් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, බළන්ගොඩ දහමානේ පදිංචිව සිටි මීගහවෙල ලේඛම්ලාගේ විජේකුමාර නැමති 44 හැවිරිදි කෝටිපති ව්‍යපාරික තිදරු පියකු බව පොලිසිය පවසයි.

මිය ගිය අයගේ නිවසට ඔහුගේ බිරිඳගේ මව සහ පියා පැමිණ සිට තිබේ.

එම අවස්ථාවේදී බිරිද සහ මරණකරු අතර බහින් බස්වීමක් සිදු වී තිබෙන අතර එහිදී බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදී සිදුකළ පහරදීමක් හේතුවෙන් බෑනා මිය ගොස් තිබෙන බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයාට කොසු මිටකින් සහ කුඩා මෝල් ගසකින් හිසට පහරදී ඇති බවයි, සඳහන් වන්නේ.

පහර දුන් 65 හැවිරිදි සැකකාර මාමා බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.