ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, අත්තනගලු ඔය සහ උරුවල්ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශ කිහිපයක ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවල ජනතාවට ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.