දිස්ත්රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින වැසි තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්රික්ක 10ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව, බදුල්ල, කොළඹ, ගල්ල, ගම්පහ, කලුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්රික්ක සඳහා එලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.