තානාපති සේවයට ගිය දේශපාලනඥයන්ගේ ළමුන් හා හිත මිත්‍රාදීන්ගේ නම් ලැයිස්තුව මාධ්‍යට

තානාපති සේවයට ගිය දේශපාලනඥයන්ගේ ළමුන් හා හිත මිත්‍රාදීන්ගේ නම් ලැයිස්තුව මාධ්‍යට

පසුගිය රජය සමයේ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල වලට දේශපාලන පත්වීම් සිදුකළ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සමීප ඥාතීන්ගේ සහ මිත්‍රයන්ගේ නාම ලේඛනය ඉදිරි දින වලදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එම දේශපාලන පත්කිරීම් පිළිබඳ වාර්තාවක් විදේශ ඇමැතිවරයා වශයෙන් විජිත හේරත් මහතා විසින් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන අතර මේ වනවිට එම වාර්තාව පිළියෙල කර අවසන්ව තිබේ.

මේ අනුව ඉදිරි දිනවලදී එම නාම ලේඛනය ජනමාධ්‍යයට නිකුත් කිරීමට විදේශ ඇමැති විජිත හේරත් මහතා තීරණය කර ඇති බවද වාර්තාවේ.

මේ දේශපාලන පත්වීම් ලද පසුගිය රජයේ දේශපාලනඥයන්ගේ සමීපතමයන් ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට කැඳවීමට ද නියමිතය.