කෝටි 06ක මත්පෙති සමග අයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

කෝටි 06ක මත්පෙති සමග අයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත Pregab (ප්‍රෙගැබ්) නැමැති නීතිවිරෝධී මත්කරල් 599,000 ක් අලෙවි කිරීම සදහා ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකි.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (09) බොරැල්ල මාර්ග සංඥාව අසල දී සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් කරල් ප්‍රවාහනය කල ලොරි රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරිමේදී මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදී මෙම මත්කරල් තොගය ලබා දී ඇති බවත්, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන එන ලෙසට මොහුට උපදෙස් ලබාදී ඇති බවත් අනාවරණය වී තිබේ.