තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අද (10) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු අතර, තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව ඔක්තෝබර් 08 වැනිදා මධ්‍යම රාත්‍රී 12 වන තෙක් ලබා දුන්න ද එම කාලසීමාව තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට කොමිෂන් සභාව කටයුතු කළේය.