ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළ තිබෙනවා.

ඉස්ලාම් දහමට අපහාස කළ බවට වන චෝදනාවට අදාළ නඩුවට අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් ඥාණසාර හිමියන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රත් අධිකරණයෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරුනා.

2014 වසරේ කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමවුකදී මෙම අපහාසය කළ බවටයි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට චෝදනා එල්ල වී ඇත්තේ.

කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා.

මෙම නඩුව ලබන වසරේ මාර්තු 5 වනදා දක්වා කල්තැබුවා.