ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් ජොබ් එකෙන් මිලියනපතියෙක් වූ විනුල්

ඕස්ට්‍රේලියාවේ ක්ලීනින් ජොබ් එකෙන් මිලියනපතියෙක් වූ විනුල්

මීට දශකයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න නමැති තරුණයා මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

කිසිම දේපළක් නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණි විනුල් වසර 5 ක් තුළ ඔහු නිරතවූ අර්ධ කාලීන රැකියාවෙන් ඩොලර් මිලියන 1.2 ක මුදලක් උපයා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.

විනුල් කරුණාරත්න මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවන බවත් සෙවන් ඉලෙවන් සුපිරිවෙළඳසැල් ජාලයේ රාත්‍රී වැඩ මුරයේ සේවය කරන අතරතුර 2019 වසරේ සිට අර්ධ කාලීනව පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

ඕස්ට්‍රේලියාවේ සේවා සපයන වෙබ් අඩවියක් වන එයාර් ටාස්කර් වෙබ් අඩවිය ඔස්සේ පිරිසිදු කිරීමේ රැකියාවේ නිරත වී ඇති බවත් මේ වනවිට එම වෙබ් අඩවියේ ඉහළම අදායම් උපයන 10 දෙනා අතරට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

ඔහු කාර්යාල සහ නිවාස පිරිසිඳු කර දවසට ඩොලර් 1000 – 1400 ත් අතර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක් පමණ) උපයන බවත් ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන්ට සුඛෝපභෝගී නිවසක්ද ඔහු මිලදී ගැනීමට සිහින මැවූ මෝටර් රථයද මේ වනවිට මිලදී ගැනීමට විනුල්ට හැකියාව ලැබී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

වැකුම් ක්ලීනර්යක් සහ බකට්ටුවක් අතැතිව තම රැකියාව ඇරඹි විනුල් අද වනවිට ඕස්ට්‍රේලියාවේ ගෙයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් උපයා තිබෙන බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.