නුවරඑළියේ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5ක් අත්අඩංගුවට

නුවරඑළියේ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5ක් අත්අඩංගුවට

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය වටලයි, කාන්තාවන් පස්දෙනෙකු සහ කලමණාකරු අත්අඩංගුවට.

නුවරඑලිය සිනිසිටා ක්‍රිඩාංගණය ඉදිරිපිට සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කලමණාකාරවරයා (08) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

කුලි පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයන් යොදවා වැටලිමක් සිදු කර එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කලමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, එම සම්බාහන මධ්‍යස්ථානය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බවත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් කොලොන්නාව, හසලක, කඩවත, වැලිමඩ, හෝමාගම යන ප්‍රදේශවල පදිංචි අවු 32-47 වයස් කාණ්ඩ වල පසුවන සැකකාරිනියන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් (09) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.