මුතුරාජවෙල රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් නීතියේ රැහැනට – වීඩියෝ සහිතයි

මුතුරාජවෙල රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් නීතියේ රැහැනට – වීඩියෝ සහිතයි

මුතුරාජවෙල රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහාපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (08) පස්වරුවේ වටලා තිබේ.

එහිදී, ස්ප්‍රීතු බැරල් 75 ක්, පෙරන ලද ස්ප්‍රීතු බෝතල් 3000ක් සහ කසිප්පු නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා අඩංගු බැරල් විශාල සංඛ්‍යාවක් ජලයේ ගිල්වා තිබියදී සුරාබදු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

සුරාබදු නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා එම ස්ථානයට ලඟා වී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ කසිප්පු පෙරමින් සිටි සැකකරුවන් එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධික බව වැටලීම සිදුකළ සුරාබදු නිලධාරීන් පැවසීය.

ඒ අනුව, අත්අඩංගුවට ගත් භාණ්ඩ හා නීති විරෝධී ස්ප්‍රීතු තොගය අධිකරණයට ඉදරිපත් කිරීමට කටයුතු කරන බව සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.