මහින්ද අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට

මහින්ද අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.

මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින්  බවද හිටපු අමාත්‍යවරයා කීය.

ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද (8) දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.