සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2013-09-14 දින සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. බියන්විල මහතා පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

එම පත්වීමේ කාල සීමාව 2024-09-13 දිනෙන් අවසන් වී තිබේ. එබැවින් ඔහු 2024 -12-31 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තවදුරටක් සේවයේ යෙදවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.