පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුද්දර අහෝසි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මුද්දර අහෝසි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා ඇත.

එසේම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස සියලුම තැපැල් කාර්යාලවලට දැනුම්දී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන බව වාර්තා වෙයි.