පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් වගුරුබිමකින් හමුවෙයි

පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් වගුරුබිමකින් හමුවෙයි

ජා-ඇල අධිවේගී මාර්ග හුවමාරුව අසල වගුරු බිමක තිබී මියගිය පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු සිදුකළ දැනුම්දීමකට අනුව අද (07) පෙරවරුවේ එම සිරුර සොයා ගත් බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක පොලිස් නිලධාරියෙක්.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවයි වාර්තා වෙන්නේ.