අරලියගහ මැදුරට යාබද මෑතකදී විවෘත කළ පාර ගැන පොලිසියෙන් දැනුම් දීමක්

අරලියගහ මැදුරට යාබද මෑතකදී විවෘත කළ පාර ගැන පොලිසියෙන් දැනුම් දීමක්

වසර 19කට පසු අලුතින් විවෘත කරන ලද කොළඹ අරලියගහ මන්දිරයට යාබද ආර් ඒ ද මැල් මාවත, ශාන්ත මයිකල්ස් වටරවුම් සිට රොඩුන්ඩා වටරවුම දක්වා වූ කොටසේ රථවාහන රෙගුලාසි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ, එම මාර්ගය දැනට විවෘතව පවතින්නේ සැහැල්ලු වාහන සඳහා පමණක් බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව ඔක්තෝබර් 4 වැනිදා මෙම මාර්ගය මහජනතාවට විවෘත කෙරිණි.

කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර්.ඒ ද මැල් මාවත, ශාන්ත මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය ඔස්සේ රොටුන්ඩා වටරවුම දක්වා වූ මාර්ගය ආරක්ෂක හේතූන් මත වසා දැමුණේ 2005 වසරේදීය.