සනත් ජයසුරිය 2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරයි

සනත් ජයසුරිය 2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය 2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර් වුඩ් එම තනතුරෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වැඩ බැලීම සදහා සනත් ජයසූරිය පත් කිරීමටයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තේ.

කෙසේවෙතත්, වැඩ බලන තනතුර වෙනුවට සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකාර ධුරය සදහා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අද (07) නිවේදනය කළේය.

අවසන් වූ එංගලන්ත, ඉන්දියා සහ නවසීලන්ත යන සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා මත මෙම පත්කිරීම සිදුකර ඇති අතර අදාළ තරගාවලි වලදී ක්‍රීඩකයින්ට හොදින් ක්‍රීඩා කිරීමට සනත් ජයසූරියගේ දායකත්වය විශාල වශයෙන් ඉවහල් වී ඇති බවයි, විධායක කමිටුව සදහන් කරන්නේ.

ඒ අනුව, 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකාර තනතුර සදහා ගිවිසුම්ගත වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.