ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටකළ දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටකළ දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටකළ බව කියන මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ පාසල් ගුරුවරයා එළඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් දෙදෙනා විසින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටස්තර පුද්ගලයන්ට ලබාදීම යන කරුණ සම්බන්ධයෙන් චෝදනාවට ලක් විය.