ටෙක්නිකල් හංදියේ දී කාන්තාවක් ව ඝාතනය කෙරේ

ටෙක්නිකල් හංදියේ දී කාන්තාවක් ව ඝාතනය කෙරේ

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (07) අළුයම් කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර ප්‍රහාරයට ලක්වූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවයි, පොලිසිය පැවසුවේ.

ඇයගේ ස්ථීර පදිංචි ලිපිනය මෙතෙක් අනාවරණ වී නොමැති බව ද පොලීසිය පවසයි.

මරණකාරිය සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණ වී ඇත.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.