අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනක්

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනක්

ජපන් ශ්‍රී ලංකා සබඳතා තහවුරු කර ගැනීමේ අරමුණෙන් මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ජපන් අධ්‍යාපනයත් සමග ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක වුණා.

ජපානයේ යොෂියෝකා පදනමේ සහයෝගය මත සන්ලංකා සහ කියෝදායි ලංකා ආයතන දෙක එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක වල අඩුආදායම්ලාභී පවුල් වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සිදු කෙරුණා.

මේ යටතේ එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබාදී අනතුරුව ජපානයේ රැකියා ලබාදීම ද සිදු කෙරුණා.

ඊට අදාළ දරුවන් 34 දෙනෙකුට වීසා ලබාදීම පසුගියදා සිදු කෙරුණේ අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන්.