ජන හා නිවාස සංගණනයේ පුද්ගල තොරතුරු රැස් කිරීම, හෙට සිට

ජන හා නිවාස සංගණනයේ පුද්ගල තොරතුරු රැස් කිරීම, හෙට සිට

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වේ.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා සංගණන නිලධාරීන් හෙට සිට ගෙයින් ගෙට පැමිණෙන බවයි.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද, ඇය සඳහන් කළාය.