මත්පැන් පානය කරන්න බයිට් ගෙන්න ගිය පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි

මත්පැන් පානය කරන්න බයිට් ගෙන්න ගිය පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි

ගැමුණුපුර ප්‍රදේශයේ මොරඔයේ කිඹුලෙකු ඩැහැගෙන යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය අංශය නිවේනය කළේ පසුගිය 04 වනදා මෙම සිදුවීම සිදුව ඇති බවයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පදවි ශ්‍රීපුර, ගැමුණු පොත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි .

මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බවයි ශ්‍රී පුර පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග මොර ඔයෙන් එගොඩවී රන්ජිත් මංකඩ ප්‍රදේශයේ සාදයක් දමා ඇති අතර නිවසේ තිබූ මස් වගයක් රැගෙන ඒම සඳහා නැවත මොර ඔයෙන් එගොඩවීමේදී කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.