පොලු පහරකින් දරුවන් 11 දෙනෙකුට පියෙක් අහිමි වෙයි

පොලු පහරකින් දරුවන් 11 දෙනෙකුට පියෙක් අහිමි වෙයි

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන පොලිසිය පවසනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රක්වාන රංවලතැන්න වත්තේ පදිංචිව සිටි සෙල්ලපන් බාලක්‍රිෂන් නැමැති වතු සේවකයෙක්.

මියගිය අයට බිරින්දෑවරු දෙදෙනකු සිටින බව් එක් බිරිඳකට දරුවන් හත් දෙනකු ද අනියම් බිරිඳට දරුවන් හතර දෙනකුද සිටින බව පොලිසිය සඳහන් කළා.

මියගිය අය බීමත්ව සිය නිත්‍යානුකූල බිරිද සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර ඊට මැදි වූ බිරියගේ සහෝදරයකුට ද මරණ කරු තියුණු ආයුදයකින් පහරදිමට උත්සහ කළ අවස්ථාවේ ඉන් බේරීමට ඒ අසල තිබූ පොල්ලක් ගෙන මරණකරුගේ හිසට පහර දී තිබෙනවා.

පහර කෑ මියගිය පුද්ගලයා පැය එකහමාරක් පමණ ලේ ගලමින් එම ස්ථානයේම වැටී සිට ඇති බව පොලිසිය පවසනවා.

අනතුරුව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු තුවාලකරු රක්වාන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.