සංස්ථා, මණ්ඩල, අධිකාරි සභාපතිවරුන්ට යන්න කියයි

සංස්ථා, මණ්ඩල, අධිකාරි සභාපතිවරුන්ට යන්න කියයි

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.

රජයේ සංස්ථා මණ්ඩල රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් දැනට ඉවත්ව ගොස් ඇතත් සමහර ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.

මේ අතර අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමූපකාර සංවර්ධන කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

සභාපතිවරුන් ඉල්ලා අස්වූ ආයතන කිහිපයකට මේ වන විට නව සභාපතිවරු පත් කර තිබේ.

COMMENTS