ගෙල කපා ඝාතනය කළ අඹු සැමි යුවලකගේ සිරුරු හමුවෙයි

ගෙල කපා ඝාතනය කළ අඹු සැමි යුවලකගේ සිරුරු හමුවෙයි

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ අඹු සැමි යුවලකගේ සිරුරු සොයා ගත් බව ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, අල්ගෙවත්තගේ කමනී වීරතුංග (63) සහ පී ජයසිංහ (67) නැමැති අය බවයි, පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනාගේ ගෙල කපා හිසට පහරදී නිවසේ කාමරයක් තුළ මෙලෙස ඝාතනය කර ඇති බවට සැකකරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

ඝාතනයට ලක්ව ඇති මෙම යුවලට දියණියක් සිටින බවත්, ඇය ඊයේ අවශ්‍යතාවයක් සඳහා කොළඹ ගොස් ඇති අතර පියාට දුරකථන ඇමතුම් ලබාගැනීමේදී දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඥාතියෙකුට ගොස් සොයා බලන ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව, අසල්වැසි ඥාතියා නිවසට පැමිණ බලන විට නිවසේ ලේ පැල්ලම් තිබෙනු දැක ඔහු ඒ බව පොලීසියට දැනුම්දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර මේ වන විට අහංගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබනවා.