කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් අත්හිටුවීම යළි දීර්ඝ කරයි

කෙහෙළිය සහ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් අත්හිටුවීම යළි දීර්ඝ කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16ක් හා ජීවිත රක්ෂණ ඔප්පු 05ක් අත්හිටුවමින් පැනවූ නියෝගය 2025 වසරේ ජනවාරි මස 04 වැනිදා දක්වා දීර්ඝ කරමින් කොළඹ මහාධිකරණය විසින් අද (04) නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.