ගෑස් මිල සංශෝධනය ගැන ලාෆ්ස් සමාගමෙන් දැනුම්දීමක්

ගෑස් මිල සංශෝධනය ගැන ලාෆ්ස් සමාගමෙන් දැනුම්දීමක්

ඔක්තෝබර් මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

ඒ අනුව, පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 694ක මුදලකටය.

අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.