කෝටියකට අධික මුල්‍යමය වංචාවකට බේරුවල ධීවර වරායේ කළමනාකරු ඇතුළු 3කගේ වැඩ තහනම්

කෝටියකට අධික මුල්‍යමය වංචාවකට බේරුවල ධීවර වරායේ කළමනාකරු ඇතුළු 3කගේ වැඩ තහනම්

පසුගිය රජය පැවැති කාලවකවානුවේ බේරුවෙල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාවට සම්බන්ධ වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් හත්දෙනකු පිළිබඳ ධීවර වරාය නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී වරාය කළමනාකාරවරයා ඇතුළු සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි ධීවර වරාය නීතිගත සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර සිසිල ගුණතිලක මහතා අද (03) පවසා තිබෙන්නේ.

බේරුවල ධීවර වරායේ හිටපු කළමනාකරු, මුදල් අයකැමිවරයෙකු, ඉන්ධනහල් භාරකරුවෙකු, ඉන්ධන පොම්ප ක්‍රියා කරවන්නන් දෙදෙනෙකු, කාර්‍යාල කාර්‍ය සහායක ඇතුළු බේරුවල වරායේ සේවය කළ 07ක් එම සිද්ධියට සම්බන්ධ වී ඇති බවයි බේරුවල ධිවර වරායේ ආරංචි මාර්ග පවසන්නේ.

ඒ අනුව කළමනාකරු, මුදල් අයකැමි, ඉන්ධන පිරවුම්හල් භාර ඉන්ධනහල් පොම්පකරුවන් දෙදෙනෙක් සහ කාර්යාල කාර්ය සහායකයෙකුගේ ස්ථාන මාරුවීම් සිදුකොට තිබෙනවා.

එහිදී ප්‍රධාන සැකකරුවන් තිදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයින් හත්දෙනා එම වරාය සතුව තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මේ වන විට වංචනිකව ලෙස ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නව රජය පත් වීමත් සමග එම ධිවර වරාය වෙත පැමිණි විගණන කණ්ඩායමක් සිදුකළ විගණනයේදී එම මූල්‍ය වංචාව පිළිබඳව වැඩිදුරටත් විගණනය වී තිබෙන බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.

එම සිද්ධියත් සමඟ සැකකාර ප්‍රධාන පුද්ගලයින් තිදෙනාගේ වැඩ තහනම් කර සෙසු සිව් දෙනා වෙනත් ධීවර වරායන් වෙත මරු කළ බව මානව සම්පත් කළමනාකාරවරයා ද පවසා තිබෙනවා.

ආයතන මට්ටමෙන් කටයුතු කර නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර ඇති බවයි එම නිලධාරියා තවදුරටත් පවසා තිබෙන්නේ