2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද

2024 කාන්තා 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 10 ක් සහභාගී වන මෙම තරගාවලියේදී ඩුබායි හා සාජා නගර කේන්ද්‍ර කර ගනිමින් සමස්ත තරග 23 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද ආරම්භ වන තරගාවලියේ පළමු තරගය ලෙස බී කාණ්ඩය යටතේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම තරගවැදීමට නියමිතව අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 03.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

දෙවැනි තරගය ලෙස ඒ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම තරගවැදීමට නියමිතව ඇත.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.