මහ බැංකු අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරයි

මහ බැංකු අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව, ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බව සඳහන්.