මහ ඡන්දයෙන් දිනුවොත් ජනපති සමග එක්ව කටයුතු කරන්න ලෑස්තියි – කබීර් හෂීම්

මහ ඡන්දයෙන් දිනුවොත් ජනපති සමග එක්ව කටයුතු කරන්න ලෑස්තියි – කබීර් හෂීම්

මහ මැතිවරණයෙන් සමගි ජන සන්ධානයට බලය හිමි වුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව එහි මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසනවා.

සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.