බාබර් අසාම් නායකත්වයෙන් දෙවන වරටත් ඉල්ලා අස්වෙයි

බාබර් අසාම් නායකත්වයෙන් දෙවන වරටත් ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග නායකත්වය දරන බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

බාබර් මෙම වසර ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස් වූ දෙවැනි වතාව මෙය වන අතර පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පාකිස්තානය ඉවතට වීසිවීමෙන් පසුව බාබර්ගේ නායකත්වයට එරෙහිව දැඩි විවේචන එල්ල බැවින් එම අවස්ථාවේද ඔහු නායකත්වයෙන් ඉවත් විය.

Xහි සටහනක් තබමින් ඔහු ඊයේ රාත්‍රියේ පවසා සිටියේ තමා එක් දින නායකත්වයෙන් ඉවත් වූ බවයි.

වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ඔහුගෙන් පසුව එම නායකත්වයට පත්වූ නමුත් 2024 මාර්තු මාසයේදී නැවතත් නායකයා ලෙස බාබර් පත්කළා.

කෙසේ වෙතත්, 2024 T20 ලෝක කුසලානයේ දී පාකිස්ථාන කණ්ඩායම ඉවතට විසි වීම හේතුවෙන් පාකිස්ථාන නායකයා ලෙස ඔහුගේ දෙවන ධුර කාලය ද අසාර්ථක වුණා.