රනිල්ගේ ජනාධිපති මුක්තිය ඉවරයි – මහබැංකු වංචාව අධිකරණයට ගෙනත් වරදකරුවන්ට දඬුවම් දෙනවා

රනිල්ගේ ජනාධිපති මුක්තිය ඉවරයි – මහබැංකු වංචාව අධිකරණයට ගෙනත් වරදකරුවන්ට දඬුවම් දෙනවා

මහබැංකු වංචාවට අදාලව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ සම්බන්ධව මූලික පියවරයන් ද රැගෙන ඇති බව ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ දින කැබිනට් තීරණ දැනුම් දීම සඳහා කැඳවු මාධ්‍ය හමුවේ දි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මගුල් ගෙදරයක යන බව පවසා රටෙන් පිටවුන හිටපු මහබැංකු අධිපතිවරයාගේ මංගල කටයුතු මේ වනවිට නිමා වී ඇතැයි විශ්වාස කරන බවත්, රනිල් වික්‍රමසිංහ ද දැන් ජනාධිපතිවරයා නොවන බවත් පෙන්වා දුන් විජිත හේරත් පැවසුවේ මේ වනවිට ඔහුට ජානාධිපති මුක්තිය නොමැති බැවින් අධිකරණයක් ඉදිරියට ඔහුව කැඳවිය හැකි බවය.

එම නඩුව ඉදිරියට ගියේ නැත්තේ ව්‍යස්ථාවෙ තියන මුක්තියේ බලය පාවිච්චි වෙලා. දැන් අපට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියනවා. අපට ඉස්සරහට බලමු ඒකේ ක්‍රියා මාර්ග මොනවද කියලා.