බොලිවුඩ් නළු ගෝවින්ද දණහිසට වෙඩි වැදී රෝහලට

බොලිවුඩ් නළු ගෝවින්ද දණහිසට වෙඩි වැදී රෝහලට

ප්‍රවීන බොලිවුඩ් නළු ගෝවින්දගේ දණහිසට අත්වැරදීමකින් වෙඩි වැදීමක් හේතුවෙන් මුම්බායි හි ක්‍රිටෙකෙයා රෝහලට ඇතුළත් කර තිබේ.

අද අලුයම 4:45 ට පමණ ඔහුගේ නිවසේ දී බලපත්‍රලාභී රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් වෙඩි උණ්ඩය ඔහුගේ දණහිසට වැදී ඇති අතර ඔහුව වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඔහුගේ කළමනාකරු පැවසුවේ ගෝවින්දාගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

වෛද්‍යවරු විසින් ඔහුගේ කකුලේ තිබූ උණ්ඩය සාර්ථකව ඉවත් කර ඇති අතර, ගෝවින්ද මේ වන විට සුව අතට පත්වෙමින් සිටින බවත් වාර්තා වේ.

මෙම රිවෝල්වරය බලපත්‍රලාභී එකක් බවට තහවුරු කර ඇති පොලිසිය අනතුර සම්බන්ධ තත්ත්වය පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කරයි.

60 හැවිරිදි වියේ පසුවන මෙම නළුවා මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පැමිණිල්ලක් ලැබී නොමැති බව මුම්බායි පොලිසිය පවසනවා.