ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නොමැති අතර එහි පැවති මිල ලෙස ලීටරයක මිල රුපියල් 377ක් ලෙස පවතී.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 283ක් වේ.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 183කි.