උද්ධමනය පහළට

උද්ධමනය පහළට

අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රටේ උද්ධමය පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව 2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ.

2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8%ක් ලෙසය.

එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.5% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා විය.