ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට රජයේ අවධානය

ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පාලනය වන මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ විෂයයන් හා කර්තව්‍යයන් යටතේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල සහ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම (ඉවත් කිරීම) පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුකර ඇති ආයතන මෙලෙස ඈවර කිරීමට නියමිතව තිබේ.

මෙම ආයතන ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතනවල කටයුතු අවසන් කිරීම සම්බන්ධව කටයුතු කෙරෙන බව ගැසට් පත්‍රයේ දැක්වේ.